ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදී ඡන්දය දැමීම සදහා ජනතා උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට බොහෝ සෙයින් සමානවීමට ඉඩ තිබෙන බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (28) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව මෙන් ජනතාව ඡන්දය දීමේ ප්‍රතිශතය සියයට හැටතුන හෝ සියයට හැත්තැ දෙකක් පමණ විය හැකි බව තමාට හැගෙන බව ඔහු කීවේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්දය පකාශ කිරීමේ ප්‍රතිශතය දෙස විමසිලිමත්ව බැලූවිට එම මැතිවරණය සදහා ඇල්පිටියේ ඡන්ද දායකයන්ට එතරම් උනන්දුවක් නොතිබූ බව පෙනෙන්නට තිබූ බවද දේශප්‍රිය+ මහතා කීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සියයට තිස්හතෙන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ නොකරන්නට ඇත්තේ එම මැතිවරණය සදහා උනන්දුවක් නොවීම නිසා වන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ඔහු කීවේය.
බොහෝ විට ඉදිරි මහා මැතිවරණයේදී ද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ද ඡන්දය දැමීමේ ප්‍රතිශතය සියයට හැට තුනක් හෝ සියයට හැත්තදෙකක් අතර විය හැකි බව ද දේශපිය මහතා කීය.
ඉදිරි මහා මැතිවරණයේදී මෙය නොවිය යුත්තක් බවත් දැන් සිටම අදාළ බලධාරීන් ,නිලධාරීන් සහ මාධ්‍ය මැතිවරණයකදී ඡන්දය දැමීමේ අයිතිය හා චන්දය දැමීමේ වැදගත්කම පිළිබදව ජනතාව දැනුම්වත් කළ යුතු බවද දේශප්‍රිය මහතා කීවේය.
එසේ නොවුන හොත් ඉදිරි මහා මැතිවරණයේදී ජනතාවගේ ඡන්දය දැමීමේ උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේදී මෙන්වීම නොවැලැක්විය හැකි බවත් ඒ සඳහා දැන් සිටම ජනතාවට ඡන්දය දැමීමේ උනන්දුව ඇති කිරීමට පියවර ගැනීම වැදගත් බවත් දේශප්‍රිය මහතා කීය.
[ADA]