තිස්සමහාරාම පොලිසියේ තනිකඩ භට නිවාසයේදී ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය ලබාදී, ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව. පොලිස් මුලස්ථනය පවසයි
මෙම නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාම පොලිස් ස්ථානයට රාජකාරී වාර්තා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු එම පොලිසියටම අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇති අතර, ඉකුත් (26) දින තනිකඩ භට නිවාසය වෙත පැමිණ ඉහත කොස්තාපල්වරුන් තිදෙනා ට නවක වදය ලබා දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ජේෂ්ඨත්වය මත පෙළගස්වා ඔවුන් නිරුවත් කර, පහරදී, ලිංගික අතවර කර, කෲර වද හිංසාවට පමුණුවා ඇති බව එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉහත නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු නිරුවත් කර ලිංගික හිරිස හිරිහැර කිරීම, පහරදී කෲරත්වයට පත් කිරීම, අපරාදී බලහත්කාරකම් පෑම සහ සාපරාදී බිය ගැන්වීම, නින්දිත ලෙස සැලකීම, අයුතු සිරකර තබා ගැනීම, යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දක්වා රිමාන්ඞ්ට භාරය පත් කර තිබුණි.
[ada]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved