බැංකු කොල්ලකරුවන්ගෙන් උපදෙස් ගැනීමට තමා සූදානම් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවැසුවා ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තමන්ට උපදෙස් දීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ මහතා යනු ව්‍යවස්ථාවට කිසිසේත් ගරු කළ අයෙකු නොවන්නේ යැයි ඇය කීවාය.
ව්‍යවස්ථාවේ මූලික පදනම් දන්නා අයෙකු කිසිසේත් මැතිවරණ කල් නොදමන්නේ යැයි ද ව්‍යවස්ථා සභා තීන්දුවලට පයින් නොගසන්නේ යැයි ද ඇය අවධාරණය කළා ය.
කිසිවෙකුට ඇහුම් කන් නොදී තනි මතයට රට පාලනය කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අගමැතිනිය මැතිවරණවලින් 17 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ ද ඔහු පාඩමක් ඉගෙන ගෙන නැතැයි කීවා ය.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේ ද කීවා ය.
“මට ව්‍යවස්ථාව ගැන දැනගැනීමට අවශ්‍ය නම් එයා කියල දෙන්නම්ලු. සියලු දෙනාගෙන් ම අහන්නේ මම එයාගෙන් පාඩම් ටිකක් ඉගෙනගන්න යන්න ද? ජනතාව එන එන මැතිවරණයෙන් පරාජය කර 17 වතාවක් ප්‍රතික්ෂේප කළ ඔහු තවමත් යන්නේ නෑ. මේ රටේ ජනතාව වෙනස් වී ඇති බව ඔහුට තේරුම්ගන්න බෑ. අපි මේ අලුත් ගමනක් යන්නේ.
පරමාධිපත්‍ය ඇත්තේ, ජනතාව තුළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ මේකවත් තේරුම්ගත්තේ නැති මනුස්සයෙක්. රනිල් දන්න ව්‍යවස්ථාව මොකක්දැයි මම දන්නේ නෑ.
තමන්ට අවශ්‍ය තීන්දු නොදුන් නිසා අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. කාටවත් ඇහුම්කන් නොදී තනි කැමැත්තට තමයි ඔහු රට පාලනය කළේ. අපි තමයි පොර කියන ඒ සංස්කෘතිය අපි ඉවර කළා. තමා තමයි සියලු දේ දන්න කියන නායකත්ව සංස්කෘතිය නිසා තමයි මේ රට විනාශ වුණේ. රනිල්ගෙන් නම් උපදෙස් කොහොමටවත් අපි නම් ගන්නේ නෑ. බැංකු කොල්ලකරුවන්ගෙන් නම් උපදෙස් එපා.”