පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව එක් තීරුවකටත්, අනෙකුත් මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව තීරු දෙකක් ලෙසටත් මුද්‍රණය කර තිබේ.
සෑම ඡන්ද දායකයෙකුටම එක් ඡන්දයක් තිබෙන බවත්, ඡන්දය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දෙනු ලැබිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පිළිගත් දේශපාලන පක්ෂය නම සහ ලකුණු ඉදිරියේ හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණු ඉදිරියේ ඇති හිස් කොටුවේ කතිර ලකුණ (x) යෙදීමෙන් ඡන්දය ලබා දිය යුතු බවද පෙන්වා දෙයි.
ඊට පසු දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයන් තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනකට ස්වකීය මනාපය පළ කළ හැකි බවද සඳහන් කරයි.
ඡන්ද පත්‍රිකාවේ අග අපේක්ෂකයාට අදාළ මනාපය සලකුණු කිරීම සඳහා අනුක්‍රමික අංක තිබෙන බවත්, අනුරූපීය අංකය ඇතුළත් කොටුව මත කතිරය (x) සලකුණක් යෙදීමෙන් මනාපය ලබා දීම සිදු කළ හැකිය.
දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට ඡන්දය ප්‍රකාශ කළහොත් හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය ලබා දීමට කටයුතු කළහොත් හෝ තමා පසුව හඳුනා ගැනීමට හේතු විය හැකි යම් ලකුණුක් පත්‍රිකාවේ තැබුවහොත් ඡන්ද පත්‍රිකාව බලරහිත වන බවත්, එය ගණනය නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඡන්දය හා මනාපය ලබා දීම සඳහා කතිරය (x) පමණක් භාවිත කරන ලෙසත් ඉල්ලා සිටියි.