මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දැන් පැවැත්වෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අගමැතිතුමිය කිසිදු වෙලාවක මාධ්‍යවේදීන්ට බාධා කරලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍යක්. එතුමියගේ ආරක්ෂාවට ඉන්න ආරක්ෂක නිලධාරීන් යම් සීමා කිරීම් කරනවා. ඒක ආරක්ෂාව පැත්තෙන් ඒ අයගේ වගකීමක්. ඒක වැරදි විදියට අර්ථකතනය කරලා ප්‍රචාරනය කරන්න එපා. ඒක වැරදියි. අග්‍රාමාත්‍යවරිය විදියට එතුමියට ලබා දීලා තියෙන ආරක්ෂකයන් ඒ අයගේ වගකීම ඉටු කරද්දි යම් යම් සීමා කිරීම් කරනවා. ඒක මේ මාධ්‍ය මර්ධනයක් කියලා හුවා දක්වන්න එපා. මොකද ඉස්සර කිට්ටු වෙන්නවත් දුන්නෙ නෑ. පුංචි සිදුවීමක් අල්ලගෙන ලොකුවට මාධ්‍ය මර්ධනය කරනවා කියලා අර්ථකතනය කරන්න එපා කියලා ඉතා පැහැදිලිව කියනවා.
ඒ වගේම මාධ්‍ය මර්ධනය කරන්න අපිට කිසිදු උවමනාවක් නෑ. මාධ්‍ය භාවිතාවේදීත් ඒ තියෙන පොදු සම්මුතීන් වලට , මාධ්‍ය සදාචාරයන්ට එකඟව ප්රවෘත්ති ප්‍රචාරය කිරීම මාධ්‍ය ආයතන වල වගකීමක්. මාධ්‍යවේදීන්ගේ වගකීමක්. ඒ වගේම අන්තර්ජාලය හා ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන අයටත් වගකීමක් තියෙනවා. ”
[ada]