අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්රම්ප්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.
“අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්රම්ප් වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
ශ්රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්රයෝජනවත් වන අපගේ සබඳතා වල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් ශ්රී ලංකා ජනාධිපතිවරයා තැබූ එක්ස් සටහනේ සඳහන් වේ.