පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්රචාරක කටයුතු සදහා ළමුන් යොදා ගැනීමේ සිද්ධීන් 39 ක් වාර්තාවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට අදාළව සමාජ මාධ්‍ය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 490 ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇත. ඉකුත් ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 සිට පෙරේදා (11 වැනිදා) දහවල් 12 දක්වා වූ මාසයක කාලය තුළදී මෙම පැමිණිලි ලැබී තිබිණි.
මැතිවරණ කොමිසම දැනුම් දීමෙන් පසුව මෙම පැමිණිලිවලින් 184 ක් සමාජ මාධ්‍ය ආයතන විසින් ඉවත් කර ඇති අතර, එම ආයතන විසින් සබැදීන් 87 ක් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. සමස්ථ පැමිණිලිවලින් 219 ක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආයතන විසින් පසුවිපරම් පණිවුඩ ලැබීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
සමස්ථ සබැදීන් අතරින් 67 ක් වෛරී ප්‍රකාශ සම්බන්ධව වන අතර, සබැදීන් 52 ක් දුස් තොරතුරු වේ. ජාතිය, ආගම, පුද්ගලිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව අපහාස කිරීමේ සබැදීන් සංඛ්‍යාව 179 කි. වැරදි පුවත් අන්තර්ගත සබැදීන් සංඛ්‍යාව 29 කි. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් ප්‍රතිපාදනවලට පටහැනි අන්තර්ගතයන් අඩංගු සබැදීන් සංඛ්‍යාව 124 කි.
[aruna]