මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහල්ගත කොට ඇතැයි මන්නාරම් පොලීසිය පැවසීය.
බරපතල තුවල ලැබූ ධීවරයින් දෙදෙනා අසල්වාසී ධීවරයින් විසින් එම අවස්ථාවේදීම රෝහලගත කිරීමට පියවර ගෙන ඇති අතර පුපුරා ගොස් ඇත්තේ නිශ්චිතවම කුමක්දැයි යන්න මෙතෙක් අනාවරන වී නොමැති වුවද මසුන් මැරීම සඳහා නීතිවිරෝධීව යොදාගන්නා පුපුරණද්රව්යක් මෙලෙස පුපුර යාමෙන් ධීවරයින් තුවාල ලබන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.
මෙලෙස පිපිරීමෙන් තුවාල ලබ ඇත්තේ මන්නරම පන්නංකට්ටු ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්.රමේෂ් සහ 37 හැවිරිදි ඒ. ආරෝග්යනදන් යන අය වන අතර මන්නාරම පොලීසිය සහ නාවික හමුදාව එක්ව පුපුරා ගියේ කුමක්දැයි යන්න සේවීම සඳහා පරික්ෂණයක් අරඹා ඇත.