එච්.අයි.වී පාලනයට මෙරට දියුණු ප්‍රතිකාර ක්‍රම ඇති බැවින් ඒ සඳහා බිල්ලන් මැවීමට අවශ්‍යතාවක් නොමැති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පැවසුවාය.
ලබන 01 වැනිදාට යේදී ඇති ලෝක ඒඩ්ස් දින සැමරුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27 වැනිදා) පැවැත්විණි.
එහිදී වෛද්‍යවරිය ප්‍රකාශ කළේ එච්.අයි.වී යනු පාලනය කළ හැකි රෝගී තත්ත්වයක් බවත් එම පිරිස එච්. අයි. වී සමග ජීවත් වන පුද්ගලයන් ලෙස හඳුන්වන බවත්ය.
යම් අසාදිතයෙක් එච්.අයි.වී ප්‍රතිකාර නිසි ලෙස ලබා ගන්නේනම් එම පුද්ගලයාගේ රුධිරයේ වයිරස ප්‍රමාණය නොතිබිය හැකි තරම් කුඩා අගයක පවතින බවට සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
ඒ අනුව එවැනි පුදගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට එච්.අයි.වී වයිරසය සම්ප්‍රේෂණය නොවන බවට සායනික පරීක්ෂණවලින් තහවුරු කර ඇති බවද ඇය පෙන්වා දෙයි.
එම නිසා මෙම රෝගී තත්ත්වය පිළිබඳ අනිසි බියක් ඇති නොකර ගෙන යම් අසාදිතයෙක් වේ නම් නිසි ප්‍රතිකාර ලබා ගැනීම හරහා එය පාලනය කර ගත හැකි බවද ඇය පැවැසුවාය.
බහුතරයකට මෙය ආසාදනය වන්නේ නොදැනුවත්කම නිසා බැවින් ඔවුන් කොන් කිරීම නොකළ යුතුම කරුණක් බව පැවසූ වෛද්‍යවරිය එලෙස කොන් කිරීම සහ වෙන්කොට සැලකීම හරහා ඔවුන් සියදිවි හානි කර ගැනීමට බහුල වශයෙන් පෙලඹෙන බවද ඇය පැවසුවාය.
එමෙන්ම යම් පුද්ගලයෙක් අවදානම් ලිංගික චර්යාවක නියැළුනහොත් ඔහු හෝ ඇය පැය 72ක් ඇතුළත ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වන්නේ නම් එච්.අයි.වී රෝගය ශරීර ගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීමට හැකි වේ.