කිසිදු සඳහනක් නොමැතිව වෙළෙඳෙපාළට බෙදාහැරීම සඳහා ආනයනික කහ කිලෝග්‍රෑම් 765ක් ගබඩා කර තිබූ කොළඹ 15, ශ්රීඥණානන්ද මාවතේ පිහිටි ගබඩාවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තබා ඇත.
ඉන්දියාවේ සිට ආනයනය කර ඇති මෙම කහ තොගයේ සැපයුම්කරුවකු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිව හා භාණ්ඩවල කිසිදු තොරතුරක් සඳහන් කිරීමකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම්කර තිබියදී අධිකාරිය වැටලීම කර ඇත.
ඇසුරුම් 21ක බහාලු කහ කිලෝ 765ක් මෙලෙස සොයාගන්නා ලැබූ අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන හතරකට අධික බව පැවසේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සඳහා විකුණුම්කරු විසින් නිකුත් කළ කුවිතාන්සියක් සන්තකයෙහි තබාගත ගැනීම අනිවාර්ය වේ.
බාහිර පුද්ගලයෙකුගෙන් මිලදී ගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති මෙම කහ තොගය ආනයනය කිරීම හෝ මිලදී ගැනීම පිළිබඳව කිසිදු තොරතුරක් අදාළ ව්‍යාපාරිකයා සතුව තිබී නොමැත.
එමෙන්ම ඇසුරුම් කරන ලද භාණ්ඩවල ඊට අදාළ තොරතුරු සටහන් කළ යුතු බව පාරිභෝගික අධිකාරියෙන් නියෝග නිකුත් කර තිබියදී ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මෙම කහ තොගයෙහි එවැනි කිසිදු තොරතුරක් නොමැති අතර අදාළ කහ තොගය සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.