ආසියානු ක්රිකට් කවුන්සිලය මගින් 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස පැවැති ශ්රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 131ක දැවැන්ත ජයක් ලැබීමට ශ්රී ලංකා යෞවනයන් පෙරේදා (01 දා) සමත්විය.
සාජා ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා යෞවනයන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 243ක් ලබාගැනීමට සමත්විය.
ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 28යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 112ක් පමණි. ඒ අනුව ලකුණු 131ක දැවැන්ත ජයක් ශ්රී ලංකා කණ්ඩායමට හිමිවිය. මෙම තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය නේපාල කණ්ඩායම සමග පැවැති අතර එම තරගයෙන් ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කැපී පෙනෙන ඉනිමක් දියත් කරමින් ශතකයක් රැස්කිරීමට ශාරුජන් ශන්මුගනාදන් සමත් වූ අතර එය ශ්රී ලාංකීය පිතිකරුවෙක් ආසියානු කුසලාන 19න් පහළ තරගාවලියකදී වාර්තා කරන ලද පළමු ශතකය ලෙසද ඉතිහාසයට එක්විය. ශාරුජන් පන්දු 132කට මුහුණදී ලකුණු 102ක් ලබාගැනීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 7ක් ද ඇතුළත්විය. ඊට අමතරව පුලිඳු පෙරේරා ලකුණු 53ක් සහ විමත් දින්සර ලකුණු 26ක් ලබාගැනීමට සමත්ව තිබිණි.
පන්දු යැවීමේදී එම් ගසන්ෆර් ලකුණු 35කට කඩුලු 3ක්, අබ්දුල් අෂීස් ලකුණු 38කට 1 කඩුල්ලක්, නෝරිස්ටනී ඔමරසායි ලකුණු 51කට 1කඩුල්ලක්, නසීර් ඛාන් ලකුණු 51කට 1කඩුල්ලක් සහ මොහොබෝබ් ඛාන් ලකුණු 34කට 1කඩුල්ලක් දවාලීය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නසිෆුල්හ් අමීරි ලකුණු 33ක්, හමාස් ඛාන් ලකුණු 32ක්, ෆයිසාල් ෂිනෝසදා ලකුණු 14ක් සහ මොහොබෝබ් ඛාන් ලකුණු 12ක් ලැබීය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක්, විහස් තෙව්මික ලකුණු 10කට කඩුලු 2ක්, විරේන් චමුදිත ලකුණු 14කට කඩුලු 2ක්, නිව්ටන් රන්ජිත්කුමාර් ලකුණු 28කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.