සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 109කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම සමහත්විය. ජයග්රහණය වෙනුවෙන් ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි.
මෙම පරාජයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය වෙනුවෙන් ශ්රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටුණි. ජයග්රහණයත් සමගින් දකුණු අප්රිකාවට එහි අවසන් මහ තරගයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතී.
දකුණු අප්රිකාව පළමු ඉනිමේදී ලකුණු 358ක් රැස් කළ අතර ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 328ක් රැස් කළේය. දකුණු අප්රිකාව දෙවැනි ඉනිමට ලකුණු 317ක් රැස් කළ අතර ශ්රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 238ක් රැස් කළේය. තරගාවලියේ වීරයා සම්මාන ටෙම්බා බවුමා විසින් දිනා ගත්තේය.