සහල් ආනයනය කිරීමේදී කිලෝවකට අය කරන බද්ද අඩු කිරීමට නොහැකි බව වෙළෙඳ අමාත්‍යාංශ බලධාරීන් ආනයනකරුවන්ට ඊයේ (11 වැනිදා) දැනුම්දී ඇත.
සහල් ආනයනය කිරීමේදී කිලෝවකට අය කරන රුපියල් 65 ක බද්ද අඩු කරන ලෙස ආනයනකරුෙවා් වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඊයේ ඉල්ලීමක් කළහ. ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍යාංශයේ බලධාරීන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර තිබිණි.
ආනයනික සහල් සඳහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල අඩු වීමත්, සහල් සඳහා අය කරන ඉහළ බද්දත් නිසා තමන්ට ආනයනික සහල්වලින් පාඩු ලැබීමට සිදුවී ඇතැයිද ආනයනකරුවෝ පවසති.
සුදු කැකුළු සහල් කිලෝවක් ආනයනය කිරීමේදී රුපියල් 215 ක්ද, නාඩු සහල් කිලෝවක් ආනයනය කිරීමේදී රුපියල් 218 ත් – 220 ත් අතර මුදලක් වැයවන බව ආනයනකරුවෝ පවසති.