සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී සොරා ගත් පෙන්ඩනයක් සහිත මාලයක් හා මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.
මරදාන ටෙක්නිකල් හංදිය පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ඉදිරිපිට රන් ආලේපිත ඉමිටේශන් ආභරණ අලෙවිකරන එම්. ඊ . ඉෆාන් නැමැති පුද්ගලයාගෙන් එම ආභරණ මිලදී ගැනීමෙන් මුවාවෙන් ගොස් තිබූ සැකකාර සැරයන්වරයා ඒවා සොරාගෙන තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
එම වෙළෙන්දා විසින් තම ඉමිටේශන් භාණ්ඩ කීපයක් මෙම සැරයන් වරයා විසින් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව එහි ස්ථානාධිපති විසින් සිදුකරන ලද පරික්ෂාවේදී සොරකම් කරන ලද එම ආභරණ සැරයන්වරයා හැද සිටි කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටියදී භාරයට ගෙන සැකකරු සමඟ මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.