විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය.
අදාළ යෝජනා විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, කොළඹ 03 යන ලිපිනයට මෙන්ම [email protected] යන විද්යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැකි වේ.
එමෙන්ම වට්ස්ඇප් අංක 076 42 710 30 අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.
මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමෙන් වෙන්කර ඇති ස්ථානවල දී අදහස් ඉදිරිපත් කළ හැකි බව එම කොමිසම සඳහන් කළේය.
නව වසරේ මුල් මාස 06 කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය යෝජනා කර තිබුණි.
ඒ අනුව එම යෝජනාව කොමිසම විසින් සමාලෝචනයකට ලක්කිරීමට තීරණය කර ඇති අතර එම යෝජනා ඇතුළත් කෙටුම්පත මහජන අදහස් සඳහා ප්රදර්ශනය කිරීමට ද නියමිතය.
ලංකා විදුලි බලමණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන වසරේ ජනවාරි මස 17වනදා දැනුම් දීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.