මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද සඳුදා පෙරවරුවේ පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි පාසල් සිසුවියක එම ස්ථානයේදී මරණයට පත්ව ඇතැයි මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.
අනතුරින් මියගිය සිසුවිය ගැටඹේ මහානාම විදුහලේ උසස් පෙළ හදාරණ බවත් ,ඇය සිය පියා සමග අමතර පංතියකට එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් යතුරු පැදිය පැදවූ පියාට කිසිදු තුවාළයක් හෝ සිදුව නැති බව පොලීසිය කියයි.
අනතුරට ලක්වූ යතුරු පැදිය සහ පුද්ගලික බස්රිය ගැටඹේ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.