සමගි ජන බලවේග මන්ත්රී කණ්ඩායමේ රැස්වීමක් අද (16දා) පැවැත්වීමට නියමිත බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
ඒ අනුව අද පස්වරු 4ට එම රැස්වීම පැවැත්වෙන බව හෙතෙම සඳහන් කළේය. මෙහිදී ප්රධාන වශයෙන් නව කථානායකවරයා පත් කිරීම ඇතුළු මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.