ශ්රී ලංකා කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ දැවැන්ත කඩයිමක් පසුකරමින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශකය ඒකක 14500 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව අද දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 295.1කින් එනම් සියයට 2.08කින් ඉහළ ගියේය. මේ අතර එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඒකක 105.37කින් ඉහළ ගොස් ඒකක 4349ක් දක්වා ඉහළට ගියේය.
එසේම කොටස් වෙළඳපොළ පිරිවැටුමද රුපියල් බිලියන 8.2ක දැවැන්ත අගයක් වාර්තා කළේය.