ජනාධිපති අනුර කුමාර දිසානායක “ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’’ (එට්කා) (Economic and Technical Cooperation Agreement) සමග ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතවීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලියේ දී ඉකුත් 16 වැනිදා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායි කර ශක්තිමත් කරවන බවත්, එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේය.