දේශීය වෛද්‍ය ක්ෂේත්රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්රය හරහා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8,500 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණයකට සහභාගි වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ සඳහන් කළේය.
මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැළසුම් කසක් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.