භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හා නියමිත ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩා කොට පවත්වාගෙන ගිය වවුනියාව, ඊරට්ටපෙරියකුලම ගබඩාවකට ඊයේ (17) මුද්‍රා තැබූ බව වවුනියාව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පාරිභෝගික සේවා අධිකාරි කාර්යාල නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත එම ආහාර ගබඩාව පරීක්ෂා කොට භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සහ කෘෂි රසායන සදහා මුද්‍රා තබනු ලැබීය.
අදාළ ගබඩාව තුළ තිබි නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන භාවිතයට නුසුදුසු මුං ඇට, බඩඉරිඟු අැට තොගයක් හා, ගොවි ජනතාවට බෙදා හැරීමට සුදානම් කොට තිබු දියර පොහොර තොගයක්ද තිබු බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.
වවුනියාව ප්‍රදේශයේ ගොවි ජනතාවට ණය ක්‍රමයක් යටතේ බීජ වර්ග,කෘෂි රසායන ද්‍රව්‍ය බෙදාදීම සිදුකොට අැති බවත් එවා භාවිතයට නුසුදුසු මට්ටමේ තිබූ බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය