මේ දිනවල ආනයනය කරන බහාලුම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම හේතුවෙන් කොළඹ වරායේ සහ රේගු අංගනවල තදබදයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.
සාමාන්‍යයෙන් රේගු පරික්ෂාව සඳහා දිනකට බහාලුම් 1,200 ක් පමණ ලැබුණද,මේ දිනවල එය බහාලුම් 2,400 කට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇත.
උත්සව සමය හේතුවෙන් මේ දිනවල ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ ආනයනය ඉහළ ගොස් ඇති අතර, රජය ආනයනය සීමා ඉවත් කිරීම හේතුවෙන් සහල් තොග යම් ප්‍රමාණයක්ද ඉන්දියාවෙන් ආනයනය කෙරේ. ආනයනික ආහාර බහාලුම් 500 කට වැඩි ප්‍රමාණයක් වරාය සහ රේගු අංගනවල සතියකට ආසන්න කාලයක් ගොඩගැසී පැවතීමද තදබදය වැඩිවීමට හේතුවී ඇත.
ආහාර බහාලුම්වල තිබෙන ආහාර සාම්පල ආහාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නිලධාරීන් පරීක්ෂා කර අනුමැතිය ලබාදිය යුතු වූවත්, එම අනුමැතිය ප්‍රමාදවීම නිසා ආහාර බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට බාධා පැමි