වාහන ආනයනය පිළිබඳ තීරණය මුදල් අමාත්‍යාංශ විසින් ගෙන ඊයේ(19දා) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවත්, ඒ අනුව කාණ්ඩ 03ක් යටතේ වාහන ආනයනය කිරීම සිදු කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය -පෙබරවාරි මාසේ ඉදලා වාහන ආනයනය කරන්න දෙනවා කියලා ජනාධිපති කිව්වා. වාහන ආනයනය ගැන කැබිනට් එකේදී සාකච්ඡා කළාද?
පිළිතුරු – ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන්න උවමනාවක් නෑ. ඊට කලින් අපි තීන්දුවක් අරගෙන, අපිට තිබුණේ වාහන ආනයනය කිරීමේදී කවර වර්ගයේ වාහන කවර තැන් සිට ආනයනය කරනවාද, ඒ සඳහා අවසර දෙනවාද කියන තීන්දුව ගැනීමට පමණයි. ඒ තීන්දුව මුදල් අමාත්‍යාංශයෙන් අරගෙන ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා. කාණ්ඩ තුනක් යටතේ ගේන්නේ. ඒ අනව වාහන ආනයනයට අවශ්‍ය අවස්ථාව ලබා දෙනවා.