වේගපන්දු යවන්නන් 05ක්
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ.
පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ඇරඹෙන තරගාවලියේ පළමු තරග 2 දෙසැම්බර් මස 28 සහ 30 යන දිනයන්හිදී ටෞරංගානි බේ ඕවල් ක්රීඩාංගණයේ දී පැවැත්වේ. තෙවැනි තරගය 2025 වසරේ ජනවාරි 02 වැනිදා සාක්ස්ටන් ඕවල්හිදී පැවැත්වේ.
විස්සයි-20 තරගාවලියේ සුපුරුදු පරිදි නායකත්වය දරන්නේ චරිත් අසලංකයි.
ඉකුත්දා නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරග 3 සඳහා ශ්රී ලංකා පිලට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ මෙම කණ්ඩායමට නම්කර නැත.
ශ්රී ලංකා විස්සයි-20 කණ්ඩායම
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චමිඳු වික්රමසිංහ, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්රනාන්දු, බිනුර ප්රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, කුසල් පෙරේරා
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව යන අතර එහි එක් කණ්ඩායමක් දෙසැම්බර් මස 20 වැනිදා ද, දෙවැනි කණ්ඩායම දෙසැම්බර් මස 21 වැනිදා ද පිටත්ව යෑමට නියමිතය.
විස්සයි-20 තරග දෙකට අමතරව එක්දින තරගාවලියක් ද පැවැත්වෙන අතර එය තරග 3කින් සමන්විතයි. තරගාවලිය ජනවාරි 12 වැනිදා අවසන්වීමට නියමිතය.