රජයට අවශ්‍ය වී තොග සංචිතයක් පවත්වාගෙ යාමේ අරමුණින් ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී මිලදී අලෙවි මණ්ඩලය පවසයි.
ඒ අනුව අස්වනු නෙලීමට ආසන්න මහ කන්නයේ අස්වැන්නෙන් වි මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වී අලෙවි මණ්ඩලය පවසයි.