ලාංකික ජනතාවට නිදහස භුක්ති විඳීම සඳහා දායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබා දීම පවක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොළඹ සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 23) පැවැසුවේය.
යුද්ධයට සම්බන්ධ වුණ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට හැකියාව ඇත්නම් නම් යුද්ධය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් නායකයාට නිවසක් ලබාදීම පවක්දැයි ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
හිටපු ජනාධිපතිවරු රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ අය වරදක් කර ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු කීවේය.
එවැනි කාරණා සඳහා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විරුද්ධ නොවන බව ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනයට කිසිසේත් එකඟ නොවන නමුත් රටේ ජනතාව වෙනස කරා යොමු කළ නායකයා මහින්ද රාජපක්ෂ බව ඔහු කීවේය.