• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ට්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ ව්‍යාපෘති නවතී

5 February 2025
in දේශීය, පුවත්
ට්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ ව්‍යාපෘති නවතී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය පරිදි ‘‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මෙරට කාර්යාලයද වසා දැමීම හේතුවෙන් එහි ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති රැසක් නතරවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් විධායක නියෝගයට අනුව USAID ඇතුළු විදෙස් ව්‍යාපෘති දින 90 ක කාලයකට නතර කර තිබේ. මේ වනවිට USAID ආයතනයේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් රැසක් ක්‍රියාවිරහිත කර ඇතැයිද බී.බී.සී සිංහල පුවත් සේවය සඳහන් කරන්නේය.

“ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)“ විසින් මෙරට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් (රුපියල් බිලියන 350) ලබාදී ඇතැයි අනාවරණය වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ 1961 වසරේ සිට මෙරට මෙරට තුළ කෘෂි කාර්මික, අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන, ස්වභාවික සම්පත් කළමනාකරණය, පුද්ගල ජීවනෝපාය සංවර්ධන, මානව හිමිකම්, ලිංගික සංක්‍රාන්තික ආදී විවිධ වැඩසටහන් සඳහා මූල්‍යාධාර සැපයීම සිදු කෙරිණි. එම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

USAID ආයතනයේ කටයුතු අත්හිටුවීමට ගෙන තිබෙන තීරණයත් සමග මෙරට ක්‍රියාත්මක වන එහි ව්‍යාපෘති අතරමග නැවතීමේ අවදානමක් සේම එම ව්‍යාපෘතිවල සේවයේ නිරත විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානම් තත්ත්වයක්ද උද්ගතව තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙස පත් කරන ලද මාර්කෝ රුසියෝ ඉකුත් සඳුදා ජාත්‍යන්තර සී.එන්.එන්. පුවත් සේවය සමග පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ USAID ආයතනය එම දෙපාර්තමේන්තුවේ පාලනය යටතට ගෙන තිබෙන බවත්, එහි පරිපාලක නිලධාරියා ලෙස තමා පත්කර තිබෙන බවත්ය.

එමෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිලියනපති එලෝන් මස්ක් විසින් USAID ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවට ප්‍රකාශයට පත්කර ඇතැයිද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා සී.එන්.එන් පුවත් සේවය හමුවේ කියා සිටියේය.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු කොංග්‍රසයට ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ USAID ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට අවශ්‍ය නම් එය සිදු කිරීමටත්, එම ආයතනය ප්‍රතිසංවිධානය කර ඇමරිකානු ජාතික ප්‍රතිපත්ති දෙසට නැඹුරු කිරීමට කටයුතු කරන බවය. මේ අනුව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට කොංග්‍රසය සමග සාකච්ඡා කර USAID ආයතනයේ සමහර කොටස් එම දෙපාර්තමේන්තුවට සම්බන්ධ කිරීමට නියමිතය. මෙම ආයතනයේ ක්‍රියාකාරකම් ඇමරිකානු සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සමග එකට බැඳිය යුතු බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා පවසා තිබේ.

USAID ආයතනය විසින් ඉකුත් 2023 වසරේදී ලොව පුරා රටවල් රැසකට ඇමරිකානු ඩොලර් බිලියන 72 ක ආධාර සපයා ඇත. එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහනට සියයට 42 ක්ම ආධාර සපයා ඇත්තේද මෙම ආයතනය විසිනි.

වයඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බී.බී.සී. සිංහල පුවත් සේවයට සඳහන්කර ඇත්තේ ඇමරිකාව විසින් විදේශ රටවලට ලබාදෙනු ලබන ආධාර අත්හිටුවීමත් සමග මෙරට ග්‍රාමීය මට්ටමේ ජනතාවට එයින් ඇති වන බලපෑම විශාල බවය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ “X” සටහනක් මගින් සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් මෑත වසරවලදී USAID වෙතින් ඩොලර් මිලියන ගණනක අරමුදල් සහ ප්‍රතිපාදන ලබාගෙන තිබෙන බවත්, රාජ්‍ය නොවන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් මෙම අරමුදල්වල සෘජු ප්‍රතිලාභ ලබාගත් බවත් ය.

මෙම අරමුදල් ප්‍රයෝජනයට ගත් ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැති බවද මන්ත්‍රිවරයා සඳහන් කරන්නේය.

USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදානයන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඉන් ප්‍රතිලාභ ලැබූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන්කර ඇත.

Post Views: 12
Previous Post

අමෙරිකාව එ.ජා මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි

Next Post

ඔන්ලයින් පනතට නව සංශෝධන කිහිපයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඔන්ලයින් පනතට නව සංශෝධන කිහිපයක්

ඔන්ලයින් පනතට නව සංශෝධන කිහිපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved