ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස ආනයනය කිරීමට සිදුවූ බව ව්‍යාපාරිකයෝ පැවැසූහ.
ඔවුන් පෙන්වා දුන්නේ පෙබරවාරි මාසයේදී රතු රෝස සඳහා විශාල ඉල්ලුමක් ඇති බවත් ඉල්ලුමට සරිලන පරිදි රතු රෝස මල් ලබා ලබාදීමට ඇති නොහැකිවීමත් මෙම ආනයනට හේතු වූ බවයි.
මෙරට වගාකරන රතු රෝස මෙම කාලසීමාවේදී පවතින ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.
එසේම වෙළෙඳසැල් හිමියෝ පවසන්නේ මෙරට වගා කරන ලද රතු රෝසමල් ප්‍රමාණයෙන් කුඩා වීමත් වැඩි කාලයක් පෙනුම රදාපවත්වාගත නොහැකි වීමත් හේතුවෙන් අලෙවි කිරීමට පවා දුෂ්කර බවයි.