මැතිවරණ කොමිෂන් සභාව අද (18) පෙරවරුවේ රැස්වී තිබේ.
ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙම රැස්වීම පවත්වා ඇත.
කෙසේ නමුත්, මෙම සම්බන්ධයෙන් අදාළ ගැසට් පත්‍රය මෙතෙක් මැතිවරණ කොමිසම වෙත ලබා දී නොමැත. එම ගැසට් පත්‍රය පළාත් පාලන අමාත්‍යංශයෙන් නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එය මැතිවරණ කොමිසම වෙත ලැබුණු පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට නියමිතව තිබේ.
එම ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධව තීරණය කිරීමට ද නියමිත ව තිබේ.