හෙළයේ මුතුන්මිත්තන්ගේ ප්‍රමුඛ ආහාරයක් ලෙස කුරක්කන් හඳුන්වාදෙන්න පුළුවන්…
කුරක්කන්වලින් හදන හැලප, තලප මෙන් ම කුරක්කන් රොටී, කැඳ එදා මෙන් ම අදත් එකසේ ජනප්‍රියයි..
කුරක්කන්වලින් හදන හැලප, තලප මෙන් ම කුරක්කන් රොටී, කැඳ එදා මෙන් ම අදත් එකසේ ජනප්‍රියයි..
මෑතක සිට නාගරික ප්‍රදේශවල කුරක්කන් මිශ්‍ර පිට්ටු, ඉඳිආප්ප, කුරක්කන් පාන්, කුරක්කන් බිස්කට්, කුරක්කන් නූඩ්ල්ස් ආදී ආහාර වර්ගත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ වගේම දැන් කුරක්කන් වලින් පුඩින් හදන්නත් පුලුවන්
අපි බලමු රසත් ගුණත් සපිරි ඒ කුරක්කන් පුඩින් හදන විදිහ
අපි බලමු රසත් ගුණත් සපිරි ඒ කුරක්කන් පුඩින් හදන විදිහ
- අඩංගු ද්‍රව්‍ය
කුරක්කන් පිටි කෝප්ප 1/4
නැවුම් කිරි කෝප්ප 2 හෝ උකු පොල් කිරි ගන්න පුලුවන්
බටර් තේ හැඳි 1
දුබුරු සීනි මේස හැඳි 2 ( වැඩි පුර සිනි අවශ්‍ය නම් ගන්න )
හීනියට කපා ගත්ත කජු හෝ අමන්ඩ් මේස හැඳි 2
රොස්ට් කරගත් තල ඇට ටිකක්
ලුණු පින්ච් 1
වැනිලා එසන්ස් තේ හැඳි 1
සාදන විදිය;
1, කුරක්කන් පිටි ටික පෑන් එකකට දාලා ඒකට කිරිවලින් කෝප්පයක් දාන්න. දැන් හොඳට කැට නැති වෙන්න හැඳි ගාන්න. ඊලඟට මේකට සීනියි ලුණුයි දෙකම දාලා ඒ දෙකත් හොඳට දිය වෙනකන් හැඳි ගාන්න.
2, දැන් මේ කිරි කුරක්කන් මිශ්‍රණය සියුම් සිදුරු තියෙන පෙරනයකින් පෙරා ගන්න. ( එහෙම පෙරුවාම පුඩින් එක ගොඩාක් සොෆ්ට් සහ ක්‍රීමි වෙනවා)
3, පෙරා ගත්ත කුරක්කන් මිශ්‍රණය දැන් ආයෙමත් පෑන් එකට දාලා අඩුම ගින්දරේ ලිපේ තියලා නොන්වත්වාම ගැඳි ගාමින් උණු කරන්න. ටික වෙලාවක් යද්දී කුරක්කන් ටික උකු වේගෙන එනවා. එහෙම උකු වේගෙන එද්දී ඉතුරු කිරි කෝප්පෙ මේකට ටික ටික එකතු කර කර හොඳට හැඳි ගාන්න. ඊලඟට මේකට වැනිලා එසන්ස් ටිකත් එකතු කරන්න. දැන් ආයෙමත් උකු වෙනකන් නොකඩවාම හැඳි ගාන්න. ඒ ටිකත් උකු වේගෙන එද්දී බටර් ටිකයි කපා ගත්ත කජු ටිකයි එකතු කරන්න.
4, දැන් මිශ්‍රණය හොඳට උකු වෙලා ක්‍රීමි ගතියට ආවට පස්සෙ ( ගොඩක් උකු කර ගන්න එපා. එතකොට දොදොල් වගේ හයි වෙනවා)ලිපෙන් අයින් කරලා ඩෙසර්ට් කප්වලට දාන්න. පැය දෙකක් විතර ශිතකරනයේ තබා කූල් කරලා කෑමට ගන්න කලින් කුරක්කන් පුඩින් එක උඩින් රොස්ට් කරගත් තල ඇට සහ කජු හෝ අමන්ඩ් එකතුකර රස බලන්න.
Lifestyles by Tenu’s Kitchen පිටුවෙනි