පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජනතාව පානීය ජල අර්බුදයකට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සදහන් කරයි.
රත්නපුර සහ කලුතර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙම තත්වයට දැඩිව මුහුණ දී ඇති බවත් පවුල් 2278කට අයත් පුද්ගලයින් 7000කට වැඩි ප්‍රමාණයක් පානීය ජලය නොමැතිව ඉන් පීඩා විදින බවත් එම මධ්‍යස්ථානය විසින් සදහන් කලේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ මේ වන විටත් ඇතැම් ප්‍රදේශ සදහා බවුසර් මගින් ජලය බෙදා දීමටත් සිදුව ඇති බව යි.
මීට හේතු වී ඇත්තේ මධ්‍යම කදුකර ප්‍රදේවල පවතින දැඩි වියලි කාලගුණ තත්වය නිසා සීග්‍රයෙන් ජල මට්ටම පහල යාම බව එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නේය.