හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (24) පස්වරුවේ විපක්ෂයේ පක්ෂ සමඟ තවත් සාකච්ඡාවක් පවත්වා තිබේ.
කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී එම හමුව සිදුව ඇති බව සඳහන් වේ.
මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම හමුවට සහභාගී වී ඇති අතර, හෝරා දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.