අධිවේගී මාර්ගයන් සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි අනියුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම.පි. සුරියබණ්ඩාර මහතා කියා සිටියා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් යලිත් යොදවා ඇති බවයි සඳහන් වන්නේ. පසුගිය රජය සමයේදී අධිවේගී මාර්ග කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර තිබුණා.
කෙසේ නමුත් එහි සිදුවන හදිසි අනතුරු පාලනයට සහ ගිනි නිවීමේ කටයුතු පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
මීට අමතරව විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගයේ නව කැලණි පාළම, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙහි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.