උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
එම නිවේදනයේ සදහන් වුයේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි.
කෙසේ වෙතත් කාලගුණ විදයා දෙපාර්තමේන්තු නිලධාරීන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.