වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මිට හේතු වී ඇත්තේ ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව යි
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවතින බව එම නිවේදනයේ සදහන්.
මෙම වාන් දමන ජලාශ අතරින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.