ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අද (14) මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ දී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් ද සමගය.
ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කලමනාකරු ද මෙහි දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දි මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දි තිබෙනවා.
කොස්තාපල් මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබිමෙන් ගිය පසුවයි මෙම ගිනි අවිය පිලිබද තොරුතුරු වාර්තා වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.