ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඇරඹුණු තැපැල් වර්ජනය තුන්වැනි දිනටත් අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටියේ මාර්තු 16) පස්වරුවේ සිට ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවය.
කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාර්ථක බව ආණ්ඩු පක්ෂයට සහාය දෙන ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා ප්‍රකාශ කළේය.