බටලන්ද වාර්තාව මුල්කරගෙන රනිල්ට පමණක් නොව බොහෝ දෙනකුට දඩුවම් විදීමට සිදුවනු ඇති බව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
මාධ්‍යවේදීන් බටලන්ද වාර්තාව පිළිබද ප්‍රශ්න කිරීමක දී ටිල්වින් සිල්වා මහතා මේ බව කීය.
බටලන්ද වාර්තාව ගැන විවේචන වර්ග එනවා. ඒකක් තමයි රනිල්ට මඩගහන්න සහ පලිගන්න හදන එකක් කියලා. තව කට්ටියක් කියනවා ඔය කිව්වට මේ සම්බන්ධයෙන් දඩුවම් කරන්නැ කියලා. අපිට කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනස් වෙන්නැ කියලා. නීතිත්‍යානුකුලව බටලන්ද වාර්තාව ගැන ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට බලාපොරොත්තු වෙනවා. බටලන්ද පිලිබද විශාල පිරිසක් සාක්ෂි දෙන්න බලාගෙන ඉන්නවා. බටලන්ද සිද්ධියෙන් දුක් විදපු පීඩා විදපු පොලිස් නිලධාරීන් පවා ඉන්නවා. ඒ සාක්ෂි ඉදිරිපත් උනොත් රනිල්ට විතරක් නෙවේ සම්බන්ධ වුණු සියල්ලටම දඩුවම් ලැබෙන්න සිද්ධ වෙනවා.