අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ සදහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කර තිබෙනවා.
ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදුකිරීමට අවසරය හිමිවන අතර, ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද ඔවුනට නීතිමය බලය හිමිවන බවද සඳහන්.