මෙවර මැතිවරණයේ දී ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්නේ නම් රටේ ජනතාවට අං තිබිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
මේ රටේ ජීවත් වන්නේ බත් කන ජනතාවක් නිසා මෙම මැතිවරණය නැවත හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇති බවට ඔහු සිය විශ්වාසය පළ කරයි.
ජනතාව නිකං බලා නොසිට ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වනු ඇති බව ද ජගත් කුමාර ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මෙලෙස පවසා තිබේ.