• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක මානුෂීය ආධාරයක්

30 March 2025
in පුවත්, විදෙස්
මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක මානුෂීය ආධාරයක්

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබේ.

උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ මියන්මාර රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය වහාම එම ආධාර ලබා දීමට පියවර ගත් බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා ඊයේ (29) පස්වරුවේ මේ බව තහවුරු කළේය.

එමෙන්ම චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපතට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයීමට ද එක්ව ඇති බව වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් චීන රතු කුරුස සංගමයේ මුදා ගැනීමේ කණ්ඩායම් අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා මියන්මාරය බලා පිටත්ව ‍ගොස් ඇති බවද සඳහන්ය.

රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්ම වූ ප්‍රබලත්වයක් සටහන් කරමින් පසුගිය 28 වනදා පස්වරුවේ මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පනයෙන් සිදු වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වුණි.

එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය අනාවරණය කළ නවතම දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව ලෙස දෙදහසට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවය.

භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස ද 3000 ඉක්මවා ඇති බව පැවසයි.

එමෙන්ම සුන්බුන් අතර සිරවූ තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්ය.

Post Views: 40
Previous Post

දේශබන්දුට ෂොට් එක දුන්නේ අනුරද? සජිත්ද?

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved