ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකින් 2025 අප්‍රේල් මාසය සඳහා ආසියානු සංවර්ධන දැක්ම (ADO) වාර්තාව නිකුත් කළේය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරමින්, 2024දී ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් ඇති වූ අතර, 2025දී 3.9% සහ 2026දී 3.4% මධ්‍යස්ථ වර්ධනයක් බලාපොරොත්තු වන බව සඳහන් කරන ලදී.
ඇමරිකානු තීරුබදු : ශ්‍රී ලංකාවට ඇති අවදානම්
මාධ්‍ය හමුවේ විශේෂ අවධානය යොමු වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතදී පනවන ලද නව ආනයන තීරුබදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳවයි. ADB අවධාරණය කර සිටියේ, මෙම තීරුබදු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුවහොත්, වර්තමාන වර්ධන පුරෝකථන පහත හෙලීමට සිදුවනු ඇති බවයි.
හිතකර නොවන ප්‍රතිවිපාක
– භාණ්ඩ අපනයනයේ දරුණු පහත වැටීම
– අපනයන-ආශ්‍රිත කර්මාන්ත මන්දගාමී වීම
– විදේශ ආයෝජක විශ්වාසය හා FDI ගලා ඒම අඩුවීම
– දේශීය ආයෝජන සහ පුද්ගලික පරිභෝජනය කෙරෙහි ඍණාත්මක බලපොරොත්තු
– රැකියා වියුක්තිය හා රජයේ බදු ආදායම් පීඩනය ඉහළ යාම නිසා රාජ්‍ය මූල්‍යයට එල්ලවිය හැකි පීඩනය
– වැටුප් වර්ධක පහළ යාම
ADB අවධාරණය කළේ, මෙම තීරුබදු හේතුවෙන් මැලේසියාව, ඉන්දියාව සහ මෙක්සිකෝව වැනි අඩු බදු අනුපාත ඇති රටවලට අපනයන ඇණවුම් විතැන් වීමේ අවදානමක්ද ඇති බවයි.