අද (22) දිනයේ ත් උදෑසන 9.30ට පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
ඒ කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදීයි.
පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
එහි දී ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් තිබෙන බවත් පොලිසිය විසින් පවසා තිබේ.
පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.