රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයෙන් හෙළිව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,156,018ක් වන බවයි වාර්තා වන්නේ.
එම සේවකයින්ගෙන් සියයට 50.5ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සියයට 49.5ක් වන බව සඳහන්.
2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,119,475ක් වන අතර මෙවර සංගණනයේ දී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස් තිබේ.
මෙම වාර්තාවට අනුව රාජ්‍ය අංශයෙන් වැඩිම සේවකයින් පිරිසක් මධ්‍යම රජය යටතේ සේවය කරනු ලබන අතර එය සියයට 59.5ක් වන බව සඳහන්.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සංගණනය සඳහා සියලුම රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ ආයතන ආසන්න වශයෙන් 32,500ක් පමණ සංගණනයට ලක්කර ඇති බවයි.
කෙසේවෙතත් අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයින් මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව සඳහන්.
ඊට අමතරව යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සේවනයින් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතළත් නොවන බව සඳහන්ය