මත්පැන් හල් වසා දැමීම සම්බන්ධයෙන් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතුය. යන්න එම නිවේදනයේ සදහන්ය.
ඒ අනුව එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දැනුම්දී සිටියි.