කතෝලික පල්ලිය තුළ වැඩි සමානාත්මතාවයක් ඉල්ලා සිටීමේ විරෝධතාවක් ලෙස රෝමයේ කාන්තාවන් පිරිසක් රෝස පැහැති දුමාරයක් නිකුත් කර තිබෙනවා.
කාන්තා පූජකත්වය ප්‍රවර්ධනය කරන කාන්තා පැවිදි සම්මේලනය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.
මේ කණ්ඩායම මෙලෙස විරෝධය දක්වන්නේ කාන්තාවන්ට පූජකවරියන් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමටයි.
රටවල් 70කින් පැමිණි පිරිසක් පිරිමි කාදිනල්වරු 133 දෙනෙක් නව පාප්වරයෙකු තෝරන්න වතිකානයට රැස්ව සිටිනවා
පළමු වරට කාන්තාවන් කතෝලික පල්ලියේ සිනඩ් හෙවත් සංගමනශීලී සභාව පුර්ණ ඡන්ද හිමි සාමාජිකාවන් ලෙස ඇතුළත් කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2023 දී කටයුතු කළා.
කෙසේ වෙතත් කාන්තාවන්ට තවමත් කතෝලික පල්ලියේ පූජකවරුන් ලෙස පත්වෙන්න බැහැ