කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණි.
කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර මෙහිදී කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනුණි.
මෙහිදී මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි. මිය ගිය දැරියගේ මවගේ ද සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබිණි.