Valeria Marquez, සමාජ මාධ්‍ය තුළ වැඩි දෙනා කතා කෙරෙනවා.
ඒ ඇයගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්.
අතිශය ජනප්‍රිය 23 හැවිරිදි මෙක්සිකානු ජාතික තරුණියක් වන Valeria Marquez, ටික් ටොක් වීඩියෝවක් අතරතුරදීම වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇගේ රූපලාවන්‍යාගාරයට ඇතුළු වූ මිනිසෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි එම විදෙස් වාර්තා පළ කර සිටියේ.
මෙලෙස ඇයව ඝාතනයට ලක් කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නැතත්, මෙක්සිකෝවේ පවතින ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බහුලව දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පැවසුවේ මේ පිලිබද පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වගකිව යුතු අය අත්අඩංගුවට ගැනීමට සහ මෙය සිදු වූයේ මන්දැයි සොයා ගැනීමට කටයුතු කරන බවත් ය.