පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසනවා.
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.
පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණු අතර ලුණු සමාගම සඳහන් කර සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බවයි.
මේ හේතුවෙන් වෙළදපොළේ පවතින ලුණු හිගය පහව යනු ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ