ඔයා දවසට බිත්තරේ ගානේ කෑවොත් ඔයාට මොකක් වෙයිද කියලා. ඒක හොඳද නරකද අපි බලමු ඇත්තටම මොකද වෙන්නේ කියලා.
පළමුවෙන්ම කියන්න ඕන බිත්තරවල ඉහළම ගුණාත්මක ප්‍රෝටීන සහ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවයම තියනවා කියලා. ඒ කියන්නේ වඩා හොඳ මාංශ පේශී වඩා හොඳ ප්‍රකෘතිවීමක් සහ වැඩි ශක්තියක් සදහා බිත්තර කියන්නේ හොඳ ආහාරයක් කියන ඒකයි.
ඉතින් මේ විදිහට දිනපතා බිත්තර කෑවොත් ඔයාට හම්බෙන වාසි මොනවාද
01බර අඩුවීම
බිත්තරයක් කියන්නේ මේදය සහ ප්‍රෝටීන එකතුවක් සහිත ආහාරයක්. දිනපතා ඔයා බිත්තර පරිභෝජනය කරනකොට ඒකෙන් ඔයාව දිගු වේලාවක් කුස පුරවා තබනවා විතරක් නෙවෙයි. ඒ හරහා ඔයාගේ බර අඩු කර ගැනීමටද උපකාරී වෙනවා.
02 ප්‍රතිශක්තියකරණය ඉහළ දැමීම
බිත්තරයක් කියන්නේ ඔයාගේ දවස ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා දෙන මිල අඩු ආහාර වලින් එකක්. ඒ වගේම ඒවා පහසුවෙන් සාදා ගන්නත් පුළුවන්. බිත්තර කහමදය තුළ ප්‍රධාන වශයෙන් විටමින් D අඩංගු වෙනව වගේම සෙම්ප්‍රතාශ්‍යාව සහ උණ වගේ රෝග වලින්ද ඉක්මනින් සුවය ලබා ගැනීමට හැකි වෙනවා. ඔයාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය විවිධ කනිජලවන සහ විටමින් අඩංගු නිසා එය හොඳ ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ ගොඩනගනවා.
03 මොළයේ සෞඛ්‍ය වැඩි කරයි
දිනපතා බිත්තරයක් ආහාරයට ගැනීමෙන් පරිකල්පන ශක්තිය වැඩි කරනව වගේම මතක ශක්තියත් වැඩි දියුණු කරනවා. ඒ බිත්තර වල අඩංගු B12 B6 කෝලින් සහ ෆෝලෙට් වගේ මතක ශක්තිය වඩවන පෝෂ්‍ය පදාර්ථ තිබෙන නිසයි. කාන්තාවකගේ දෛනික නිර්දේශිත කෝලීන් අගයෙන් සියයට 26 ක් බිත්තරයක අඩංගුවන බවද කියවෙනවා.
04.අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම
සිරුරට හිතකර නොවන කොලෙස්ටරෝල් පාලනය කරමින් සිරුරට හිතකර කොලෙස්ටරෝල් නිපදවීමේ හැකියාව බිත්තර සතු විශ්මිත ගුණයක්. ඒ වගේම හදවත් රෝග ඇති වීමද බිත්තර ආහාරයට ගැනීම නිසා අවම වෙනවා.
05. සම සෞඛ්‍ය සම්පන්න කරයි.
සම සෞඛ්‍යයට වැදගත් අංගයක්. ඉතින් බිත්තර සතුව ඒ පෝෂණ ගුණය බහුලව පවතිනවා. ඔයා දිනපතා බිත්තරයක් අනුභව කරනකොට ඔයාගෙ සම පෝෂණය කරන ගමන්ම නිරෝගිව තබා ගැනීමටද උපකාර වෙනවා. ඔයාගෙ සම කෙස් සැලකිය යුතු විදිහට ඉහළ නංවන්න පුලුවන් වෙනවා. ඒත් ඔයා සුවිශේෂී රෝගයකට හෝ සුවිශේෂී තත්වයකට පත් වී ප්‍රතිකාර ලබා ගන්නා කෙනෙක් නම් බිත්තර ආහාරයට ගන්න කලින් ඔයාගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන ඉන්නත් අමතක කරන්න එපා